අපට දැනෙන බව දෙවියන්වහන්සේ දන්නා සේක
තම පුතාගේ ඇබ්බැහි වීම ගැන අධික ලෙස දැණුනු සියේරා දුක් වූවාය. “මට නරකක් දැනෙනවා” ඇය පැවසුවාය. “මම යාච්ඤා කරන විට මට හඬන එක නවත්වා ගන්න නොහැකි නිසා මට විශ්වාසයක් නැහැ කියා දෙවියන්වහන්සේ සිතනවා ඇද්ද?”
“දෙවියන්වහන්සේ කුමක් සිතනවාද කියා මම දන්නේ නැහැ” මම කීවෙමි. “නමුත් උන්වහන්සේට සැබෑ හැඟීම් පාලනය කළ හැකි බව මම දන්නවා. අපේ හැඟීම් උන්වහන්සේ නොදන්නවා නොවේ”. සියේරාගේ පුතා…
ශ්‍රේෂ්ඨ අවසානයක්
මගේ ස්වාමිපුරුෂයා සහ පුතා චිත්‍රපටියක් නැරඹීම සඳහා රූපවාහිනී නාළිකා අතර සොයමින් යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට දැනටමත් විකාශය වෙමින් තිබෙන බව සොයා ගත්හ. අවසාන දර්ශන නැරඹීමෙන් ඔවුන් සතුටට පත්වෙමින් සිටි අතර සෙවීම ක්‍රීඩාවක් බවට පත්වුනි. ඔවුන්ගේ ප්‍රියතම චිත්‍රපට අටක් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. කලකිරීමට පත්ව මම ඇසුවේ මුල සිටම නරඹන්න චිත්‍රපටයක් ඔවුන් තෝරා නොගන්නේ මන්ද කියාය. “හොඳ අවසානයකට ආදරය…
සැමට ප්‍රවේශ විය හැකි
කැරිබියානු දුපතක් වන එලියුතෙරා හී මිනිසා විසින් සාදන ලද පාලමක් මත හිඳ අත්ලාන්තික් සාගරයේ තද නිල් පැහැති ජලය සහ කැරිබියානු මුහුදේ කොළ පැහැයට හුරු නීල වර්ණය ඇති සන්සුන් ජලය අතර ඇති වෙනස නරඹන්නන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙන්නේය. කාලයාගේ ඇවෑමෙන් ඒ ස්ථානයට හැමූ කුණාටු නිසා ස්වාභාවික ගල් ආරුක්කුවකින් සළකුණු කරනු ලැබූ මුල් බිම් කොටස සේදී ගොස් ඇත. එලියුතෙරාහී සංචාරක ආකර්ශණයක් වූ…
ක්‍රිස්තුස්වහන්සේ තුළ මිල කළ නොහැකි ජීවිත
මාගේ නැතිවූ විවාහ මංගල්‍යය සහ සංවත්සර මුදු සෙවීමේ නොඉවසිලිමත් කාලය අතර තුර මගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියේය. පැයක පමණ කාලයක් පුටුවල කුෂන් ඔසවා අපගේ නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සෙවූ පසු “මට සමාවෙන්න. අපි ඒවා ආදේශ කරමු” කියා ඇලන් පැවසුවේය.
“ස්තූතියි” මම ප්‍රතිචාර දැක්වූයෙමි. “නමුත් එහි භාවාත්මක අගය ද්‍රව්‍යමය වටිනාකමට වඩා වැඩියි. ඒවා ආදේශ කිරීමට නොහැකියි”. යාච්ඤා කරමින් මම…
සත්‍යය සමග බොරු
මම මාගේ බයිබලය දේශනා වේදිකාව මත තබා මාගේ පණිවුඩය ආරම්භ කරන තෙක් උනන්දුවෙන් බලා සිටි අයගේ මුහුණු දෙස බැලුවෙමි. මම යාච්ඤා කර සුදානම් වූයෙමි. නමුත් මට කථා කළ නොහැක්කේ ඇයි?
“ඔබ වැඩකට නැති කෙනෙක්. කිසිවෙක් ඔබට ඇහුම්කන් දෙන්නේ නැත. විශේෂයෙන් ඔවුන් ඔබේ අතීතය දන්නේ නම්. දෙවියන්වහන්සේ ඔබව කිසි විටෙකත් පාවිච්චි නොකරනු ඇත”. මගේ හදවතට සහ මනසට හසුවූ මෙම වචන මගේ…
කරුණාවේ උරුමය
මාර්තා වසර තිහකට වැඩි කාලයක් ප්‍රාථමික පාසැලක ගුරු සහායිකාවක් ලෙස සේවය කළාය. අවශ්‍යතා ඇති සිසුන් සඳහා නව කබා, ස්කාෆ් සහ අත්වැසුම් මිළදී ගැනීමට සෑම වසරකම ඇය මුදල් ඉතිරි කළාය. ලියුකේමියා රෝගයෙන් ඇයට ජීවිතය අහිමි වූ පසු අපි ඇයගේ ජීවිත සේවය ගැන සැමරීමක් පැවැත්වූයෙමු. මල් වෙනුවට ජනතාව විසින් දශක ගණනාවක් ඇය ප්‍රේම කරමින් සේවය කළ සිසුන්ට නවීන ශීත කබා සිය ගණනක්…
බලාපොරොත්තුවෙන් බලා සිටීම
අපගේ සති අන්ත නිවාඩු කාලය තුළ අපගේ ආපනශාලා සේවකයා ලෙස සේවය කළේ රොජලියෝය. දිනක් ඔහු සමග කථා කරද්දී දැඩි විශ්වාසයකින් යුත් දයානුකම්පිත භාර්්‍යයාවක් වන කාලී සමග විවාහ වීමට ලැබූ ආශිර්වාදය ගැන ඔහු යේසුස්වහන්සේට ගෞරවය පුද කළේය. ඔවුන්ගේ පළමු දරුවා ලැබීමෙන් පසු, මානසික සහ ශාරීරික අසාමානතාවයකින් යුත් ඔවුන්ගේ ඥාති දියණිය රැක බලා ගැනීමට දෙවියන්වහන්සේ ඔවුන්ට අවස්ථාවක් ලබා දුන් සේක. වැඩිකල් යන්නට…
රහසින් දෙන තැනැත්තේ
ශාරිකව ආබාධිත වූ ප්‍රවීණයෙක් වන ක්රිස්ටොෆර්ට එදිනෙදා කටයුතු වඩාත් අභියෝගාත්මක වූ බැවින් ඒවා අවසන් කිරීමට වැඩි කාලයක් ගත වූ අතර ඔහුගේ වේදනාවද වැඩි විය. කෙසේ වෙතත් ඔහු තම බිරිඳට හා දරුවාට සේවය කිරීමට උපරිම උත්සාහයක් ගත්තේය. සෑම සතියකම විශේෂ තණකොළ කපන යන්ත්‍රයකින් ඔහු තම ඉඩමේ තණකොළ කපනවා එතැනින් යන එන අය දකිති.
දිනක් ක්‍රිස්ටෝෆර්ට නිර්නාමික ලිපියක් ලැබුණි. පරිත්‍යාගශීලියෙකු විසින් මිළ…
අළුත්වූ දැක්ම
මාගේ වම් ඇසේ වේදනාකාරී සුළු සැත්කමකින් පසුව මගේ වෛද්‍යවරයා දර්ශන පරීක්ෂණයක් නිර්දේශ කළේය. විශ්වාසයෙන් යුතුව මම මගේ දකුණු ඇස ආවරණය කර ප්‍රස්ථාරයේ සෑම පේළියක්ම පහසුවෙන් කියෙව්වෙමි. මාගේ වම් ඇස ආවරණය කරමින් මම අමාරුවෙන් හුස්මක් හෙළුවෙමි. මම මෙතරම් අන්ධ වී ඇති බව මට නොතේරුණේ කෙසේද?
නව උපැස් යුවළට හැඩ ගැසෙන අතර ඒ තුළින් නව දෘෂ්ටියක් ලබා දෙන්නාක් මෙන්ම දිනපතා අත්හදා බැලීම්…
එකට වැඩ කිරීම
විවේකයක් නොගෙන ජෝ බොහෝ විට පැය දොළහකට වඩා වැඩ කළේය. පුණ්‍ය කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ඔහුට කාලය හා ශ්‍රමය අවශ්‍ය වූ අතර නිවසට පැමිණි විට තම බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඔහුට ඉතිරිව තිබුණේ අල්ප ශක්ති ප්‍රමාණයක් පමණි. නිදන්ගත මානසික ආතතියෙන් පසුව ජෝ රෝහල් ගත වූ අතර ඔහුට උපකාර කිරීම සඳහා කණ්ඩායමක් සංවිධානය කිරීමට ඔහුගේ මිතුරෙක් ඉදිරිපත් වුනි. ඔහු පාලනය අත්හැරීමට…